Tue. Apr 29th, 2025

හයිස්පීඩ් රියදුරන් මට්ටු කරන්න පොලීසි‍යට අමෙරිකාවෙන් ලැබුණ සුපිරි බඩුව මෙන්න

Mar5,2025 #slpolice #speed gun

රිය අනතුරු අවම කරගැනීමේ අරමුණින් අමෙරිකාවේ නිෂ්පාදනය කරන ලද නවීන තාක්ෂණයෙන් යුත් SPEED GUN උපාංග ශ්‍රී ලංකා පොලිසිය වෙත ලැබී තිබෙනවා.

රාත්‍රී කාලයේදී ද ඉතා සාර්ථක ලෙස භාවිත කළ හැකි මෙම උපාංගය තුළින් කිලෝමීටර් 1යි මීටර් 200ක් දුර දී වුවද මෝටර් රථයක් ග්‍රහණය කරගැනීමට හැකියාව පවතින බව පොලීසිය පවසනවා.

මේ හරහා පටිගත වෙන වීඩියෝව සාක්ෂි ලෙස අධිකරණයට ඉදිරිපත් කිරීමේ හැකියාව ද පවතිනවා.

පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ මේ තුළින් රිය ධාවනය කළ වේගය, රිය පදවන පුද්ගලයාගේ ඡායාරූපය සහ මෝටර් රථයේ අංකය ඇතුළු තොරතුරු රැසක් මේ හරහා ලබාගත හැකි බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *