ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෑතක සිට ‘මා මිත්‍ර අනුර, මගේ යාළුවා අනුර’ ලෙස පවසමින් කෙතරම් ශේප් වීමට පැමිණියත් මහ බැංකු වංචාව පිළිබඳව, බාර් ලයිසන් දීම් පිළිබඳව, ඉඩම් බෙදීම් පිළිබඳව සහ වංචනිකයන් ආරක්ෂා කරගැනීමට දරන ලද ප්‍රයත්නයන් පිළිබඳව අනිවාර්යෙන් පරීක්ෂණ පවත්වන බව අනුර කුමාර දිසානායක පවසනවා.
ඒකපාර්ශ්වීයව ‘යාළුවා යාළුවා’ යැයි කියමින් සිටිය හැකි වුවත් සැප්තැම්බර් 21න් පසුව ඔහුට එම යාළුවාගේ තරම දැනගත හැකි වනු ඇති බව ද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අද සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ජාතික ජන බලවේගයේ තරුණ ප්‍රතිපත්තිය එළිදැක්වීමේ අවස්ථාවට සම්බන්ධ වෙමින්.
එහිදී ඔහු වැඩි දුරටත් මෙසේ පැවසුවා.
“මෑතකදී අවස්ථා ගණනාවකදීම රනිල් වික්‍රමසිංහ කියනවා මා මිත්‍ර අනුර, මගේ යාළුවා අනුර වගේ කතා. ඔය ශේප් වෙන්න එන්නේ. රනිල් වික්‍රමසිංහ ඔයාට අපිත් එක්ක ෂේප් වෙන්න බැහැ. මහා බැංකුවේ වංචාව පිළිබඳ පරීක්ෂණ කරනවා. රනිල් වික්‍රමසිංහ, ඔයා උත්සාහ කළාට යාළුව යාළුවා කියල ශේප් වෙන්න, ඔයාගේ කාලේ බාර් ලයිසන් දීපු හැටි ගැන අපි හොයනවා. රනිල් වික්‍රමසිංහ, ඔයා යාළුවා කියලා ෂේප් වෙන්න ආවට එල් ආර් සී ඉඩම් තමන්ගේ ගජ මිතුරන්ට බෙදපු විදිය අපි හොයනවා. ඔයා මේ රටේ වංචනිකයන් දූෂිතයන් ආරක්ෂා කරපු විදිහත් දූෂිතයන් බේරා ගැනීමට මැදිහත් වූ විදිහත් අපි පරීක්ෂණ කරනවා.”