Sat. Jun 28th, 2025

අද (23) විශේෂ රථවාහන මෙහෙයුමක්

Dec23,2024 #news #police

අද (23) මගී ප්‍රවාහන බස් රථ ඇතුළු සියලු රථවාහන පරීක්ෂා කිරීමේ මෙහෙයුමක් පොලිසිය විසින් ආරම්භ කිරීම නියමිත වෙනවා.

පසුගිය දිනවල සිදු වූ රිය අනතුරු සැලකිල්ලට ගනිමින් අනතුරු අවම කර ගැනීම වෙනුවෙන් වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් අනුව මෙම මෙහෙයුම සිදු කෙරෙනවා.

පෙරේදා (21) පැය 24 කාලයක් තුළ මාර්ග අනතුරුවලින් පුද්ගලයන් 13 දෙනෙකු මිය ගියා.

ප්‍රධාන වශයෙන් පොදු ප්‍රවාහන බස්රථ පරීක්ෂා කෙරෙන අතර මත්පැන් හෝ වෙනත් මත්ද්‍රව්‍ය භාවිතා කර රිය පදවන්නේද යන්නේ විශේෂයෙන් සොයා බැලෙනවා.

අපරීක්ෂකාරී, අන්තරාදායක ධාවනය, වේගයෙන් ධාවනය, මාර්ග නීති උල්ලංඝනය, ධාවනයට නුසුදුසු රථයක්ද යන්න ආදියද මෙහිදී සොයා බැලීමට නියමිතයි.

මෙලෙස මාර්ග නීති උල්ලංඝනය කරමින් රිය පැදවීම් සම්බන්ධයෙන් දැනුම් දීමට දුරකතන අංක කිහිපයක් හඳුන්වා දී තිබෙනවා. ඒ පොලිස් රථවාහන කොට්ඨාස භාර නිලධාරීන්ගේ දුරකතන අංකයි.

කොට්ඨාස දුරකථන අංකය
මාතර  0718591433
ගාල්ල0718591452
ඇල්පිටිය0718591472
තංගල්ල0718591488
පුත්තලම0718591289
හලාවත0718591304
කුලියාපිටිය0718591260
නිකවැරටිය0718591274
කුරුණෑගල0718591244
මහනුවර0718591042
තෙල්දෙණිය0718592274
මාතලේ0718591079
ගම්පොල0718591070
නුවරඑළිය0718591094
හැටන්0718591114
රත්නපුර0718591382
කෑගල්ල0718591410
සීතාවකපුර0718591423
ඇඹිලිපිටිය0718591392
කන්තලේ0718591187
අම්පාර0718591145
මඩකලපුව0718591127
ත්‍රිකුණාමලය0718591170
කන්කසන්තුරය0718591315
යාපනය0718591327
වව්නියාව0718591340
මන්නාරම0718591363
කිලිනොච්චිය0718591347
මුලතිව්0718591374
මොණරාගල0718591533
බණ්ඩාරවෙල0718591520
බදුල්ල0718591508
කැබිතිගොල්ලෑව0718592902
පොලොන්නරුව0718591230
අනුරාධපුර0718591200
කළුතර0718591688
පානදුර0718591674
 කැලණිය0718591589

අධ්‍යක්ෂ කොළඹ නාගරික රථවාහන කොට්ඨාසය – 071 8591741
අධ්‍යක්ෂ රථවාහන මූලස්ථානය – 071 8591967
අධ්‍යක්ෂ බස්නාහිර පළාත උතුර රථවාහන කොට්ඨාසය – 071 8592857
අධ්‍යක්ෂ බස්නාහිර පළාත දකුණ රථවාහන කොට්ඨාසය – 071 8592278

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *