Sat. Jun 28th, 2025

සමාජ මාධ්‍ය වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක්

ජනාධිපතිවරණයේ ප්‍රචාරණ කටයුතු අවසන් වූ පසු සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරනු ලබන ප්‍රචාරයන් වැළැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති බව මැතිවරණ කොමිසම පවසනවා.

නිහඬ කාලසීමාවේ කිසිඳු ප්‍රචාරණයක් සිදුකිරීමට නීතියෙන් තහනම් බව එහි සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා සඳහන් කළා.

එහෙත් ඇතැම් පිරිස් සමාජ මාධ්‍ය යොදා ගනිමින් නීතිවිරෝධීව ජනාධිපතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට කටයුතු කරන බවට තොරතුරු ලැබී ඇතැයි ඔහු පවසනවා.

නිහඬ කාලසීමාවේ සමාජ මාධ්‍ය ප්‍රචාරණය සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරය ගැන අදාළ ජාත්‍යන්තර සමාගම් සමග සාකච්ඡා කර ඇති බව සභාපතිවරයා සඳහන් කළා.

ජනාධිපතිවරණයේ ප්‍රචාරණ කටයුතු ලබන 18 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *