ඊශ්‍රායලයේ රැකියාවල නිරතව සිටින ශ්‍රී ලාංකිකයින් ඉදිරි දිනවලදී සිය ආරක්ෂාව පිළිබඳ සැළකිලිමත් වන ලෙස ඊශ්‍රායලයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විශේෂ ප්‍රකාශයකින් දැනුම් දී සිටිනවා.
ඉදිරි දිනවල මැදපෙරදිග කලාපයේ ගැටුම් උත්සන්න වීමේ අවධානමක් පවතින බැවින් මෙම නිවේදනය සිදු කර තිබෙනවා.
මෙම තත්ත්වය හමුවේ නිරන්තරයෙන් තම ආරක්ෂාව පිළිබඳව අවදානය යොමු කරන ලෙසත්, අත්‍යවශ්‍ය කරුණකට හැර සේවා ස්ථානයෙන් පිටත්ව නොයන ලෙසත් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර සඳහන් කරනවා.
හදිසි අවස්ථාවක දී තම සේවා ස්ථානවල ඇති ආරක්ෂක කුටි භාවිත කරන ලෙසත් දින කීපයකට අවශ්‍ය ආහාර, ඖෂධ ගබඩා කර තබා ගන්නා ලෙසත් තානාපතිවරයා වැඩි දුරටත් පවසා තිබෙනවා.