05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් තව දුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා විමර්ශන සිදුකෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය සඳහන් කළේ එම විමර්ශනවල කරුණු සළකා බලා ශිෂ්‍යත්ව විභාගය නැවත පවත්වන්නේ ද? නැද්ද? යන්න සම්බන්ධයෙන් කඩිනමින් තීරණයක් ගැනීමට කටයුතු කරන බවයි.
කෙසේවෙතත් විමර්ශනවලින් අනතුරුව සාධාරණ විසඳුමකට එළඹීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරිය වැඩි දුරටත් සඳහන් කළා.
ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 3ක් පිට කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ අත්අඩංගුවට ගත් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් අංශයේ අධ්‍යක්ෂවරයා ඔක්තොම්බර් 07 දක්වා රක්ෂිත බන්ධනාගාර කර කෙරුණා.