Sun. Apr 27th, 2025

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටින වංචනිකයන් පිළිබඳව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයට අනුව දේශීය ආදායම් බදු දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල සැරිසරමින් බදු මුදල් එකතු කළ කණ්ඩායමේ කිහිපදෙනෙකු මේ වන විට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දේශීය ආදායම් බදු දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඉදිරි නීතිමය කටයුතු සඳහා මෙම වංචනික පුද්ගලයන් වෙත මුදල් ගෙවන ලද හෝ ස්ථානීය පරීක්ෂාවට ලක් වී ඇති බදු ගෙවන්නන් පිළිබඳ තොරතුරු අවශ්‍ය වන බවයි.

ඒ පිළිබඳ තොරතුරු කිසිවක් දන්නේ නම් ආසන්නතම පොලිස්ථානයට පැමිණිලි කරන ලෙස ආදායම් බදු දෙපාර්තුමේන්තුව ජනතාවගේ ඉල්ලීමක් කර තිබෙනවා.

අදාළ නිවේදනය පහතින්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *