Sat. Jun 28th, 2025

ජල සැපයුම අඩාලයි – ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙන් විශේෂ දැනුම්දීමක්

Feb27,2025 #watersupply

මේ දිනවල පවතින වියළි හා අධික උෂ්ණාධික කාලගුණික තත්ත්වය හේතුවෙන් අධික ජල පරිභෝජනය නිසා බෙදා හැරීමේ පද්ධතියේ අඩු පීඩන තත්ත්වයක් හෝ උස් බිම් ප්‍රදේශවල ජල සැපයීම් බිඳ වැටීම් වරින් වර සිදු විය හැකි බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා.

ජල සැපයුම දෛනිකව සැලකිය යුතු කාලයක් අඩාල වන බවත්, හඳුනාගත් උස් ප්‍රදේශවල පදිංචි පාරිභෝගිකයින් සඳහා බවුසර් මගින් සහ මුර ක්‍රමය යටතේ ජලය ලබාදීමට ද කටයුතු සලසා ඇති බවත්, එම මණ්ඩලය පවසනවා.

මේ අතර, වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල මූලාශ්‍රයන්හි ජල මට්ටම් පහළ අගයක පවතින අතර ජනතාවගේ ජල පරිභෝජනය සැළකිය යුතු අගයකින් ඉහළ ගොස් ඇතැයි සඳහන්.

එසේ වුවද ජල නිෂ්පාදනයෙහි අඩු වීමක් සිදු වී නොමැති අතර, සාමාන්‍ය තත්ත්වයෙන් සියයට 10ක් පමණ අභිබවා ජලය නිෂ්පාදනය කර බෙදා හැරීම සිදු කර බවයි මණ්ඩලය පවසන්නේ.

තවද, ගංඟා ජලයට ලවණ ජලය මුසු වීම වැළැක්වීම සඳහා අවශ්‍ය තාවකාලික ලවණ බාධක ඉදිකිරීමට ද කටයුතු කර තිබෙනවා.

අත්‍යවශ්‍ය දෛනික කටයුතු වලදී ජලය ඉතා අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසත් ගෙවතු අලංකාර හා වාහන සේදීම වැනි අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා නළ මඟින් ලබාදෙන පානීය ජලය භාවිතය අවම කරන ලෙසත් ජාතික ජාල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එමඟින් බෙදා හැරීමේ පද්ධතියේ ජල පීඩනය ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීමට හැකියාව ඇති බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වාදෙන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *