මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් ඔවුන්ගේ නියෝජිතයින් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර විශේෂ සාකච්ඡාවක් අද (09) පෙරවරුවේ පැවැත්වීමට නියමිතයි.
මැතිවරණ කොමිෂන් සභා සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා ඊයේ කැඳවා තිබු මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළා.
ඊට අමතරව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සමඟ සාකච්ඡාවක් ද අද පස්වරුවේ පැවැත්වීමට නියමිත බව ද සභාපතිවරයා පැවසුවා.
ජනාධිපතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.