Sat. Jun 28th, 2025

කාන්තාවන් පුනරුත්ථාපනයට විශේෂ මධ්‍යස්ථානයක්

අන්තරායකර ඖෂධවලට ඇබ්බැහි වූ කාන්තාවන් පුනරුත්ථාපනය කිරීම සඳහා විශේෂ මධ්‍යස්ථානයක් පිහිටුවීමට පුනරුත්ථාපන කාර්යංශය පියවර ගෙන තිබෙනවා.

වව්නියාව ප්‍රදේශයේ ඉදි කර ඇති එම මධ්‍යස්ථානය තුළ කාන්තාවන්  100 දෙනෙකු පුනරුත්ථාපනය කළ හැකි බවයි වාර්තා වන්නේ.

ඒ අනුව අධිකරණ නියෝග යටතේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ කාන්තාවන් මෙම මධ්‍යස්ථානය හරහා පුනරුත්ථාපනය කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ පිළිබඳව පුනරුත්ථාපනය කොමසාරිස් ජනරාල්වරයා විසින් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය දැනුවත් කර ඇති බව වැඩි දුරටත් වාර්තා වෙනවා.

ඒ අනුව මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ කාන්තාවන් පුනරුත්ථාපනය සඳහා යොමු කරන්නේ නම් වව්නියාවේ පිහිටි මෙම නව පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත යොමු කරන ලෙස අධිකරණ සේවා කොමිසන් සභාව විසින් සියලු විනිසුරුවරුන්ට දැනුම් දුන්නා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *