මාසිකව සිදුවන ගෑස් මිල සංශෝධනය අනුව මෙවර ද ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බව ලිට්‍රෝ සමාගම පවසනවා.
ජුලි මස 02 වැනි දින අවසාන වශයෙන් ගෑස් මිල සංශෝධනයක් සිදු කරන ලද අතර අගෝස්තු මස සංශෝධනය ද සිදුකෙරුණේ නැහැ.
මේ වන විට කිලෝ ග්‍රෑම් 12.5 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3690ක් වන අතර කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1482ක්. කිලෝ ග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 694ක්.