Sat. Jun 28th, 2025

ලාෆ්ස් ගෑස් ගැන නිවේදනයක්

Oct29,2024 #business #gas #laughs #sl economy

වෙළෙඳපොළ තුළ පවතින ලාෆ්ස් ගෑස් හිඟය ඉදිරි දින දෙක තුළ පහව යනු ඇති බව ලාෆ්ස් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච් වෑගපිටිය පවසනවා.

ඔහු සඳහන් කළේ බෙදාහැරීමේ කටයුතුවල පැවති ගැටලුවක් හේතුවෙන් මේ වන විට දිවයිනේ ප්‍රදේශ කිහියපක ලාෆ්ස් ගෑස් හිඟයක් පවතින බවයි.

මැදපෙරදිග රටවල පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ලාෆ්ස් සමාගම විසින් ආනයනය කරන ලද ගෑස් තොග දිවයිනට පැමිණීම ප්‍රමාද වීම සහ ලාෆ්ස් සමාගමේ ප්‍රධාන පර්යන්තය ජලයෙන් යටවීම මෙම තත්ත්වයට හේතුවූ බව ඔහු පෙන්වා දුන්නා.

කෙසේවෙතත් ඊයේ (28) දිනයේ ලාෆ්ස් සමාගම විසින් ආනයනය කරන ලද ගෑස් තොගයක් රැගත් නෞකාවක් හම්බන්තොට වරාය වෙත ළඟා වී තිබෙනවා.

ඒ අනුව ඉදිරි දින දෙක තුන තුළ ගෑස් තොග දිවයින පුරා බෙදාහැරීමට කටයුතු කරන බව ලාෆ්ස් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච් වෑගපිටිය මහතා සඳහන් කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *