මේ වන විට 10 වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක සපුමල් රන්වල පත් කෙරුණා. ඒ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ යෝජනාවෙන් සහ අමාත්‍ය විජිත හේරත්ගේ ස්ථිරත්වයෙන්.
පාර්ලිමේන්තුවට සපුරාම නවකයෙක් කතානායක ධුරයට පත් වීම විශේෂත්වයක් වෙනවා. සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ රවුෆ් හකීම් ද ඔහු වෙත සුභාශිංෂණ පිරිනමනු ලැබුවා.
පාර්ලිමේන්තුවේ ගෞරවය සහ සම්ප්‍රදායන් සුරකිමින් කටයුතු කරන බව නව කතානායකවරයා කියා සිටියා.