Sat. Jun 28th, 2025

කතානායක නිල වශයෙන් යයි-විපක්ෂයත් සටනට!

Dec17,2024 #JJB #Political

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ අත්සනින් අශෝක රන්වල  පාර්ලිමේන්තුවේ කතානායක ධුරයෙන් ඉල්ලා අස්වීම තහවුරු කරන නිල ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

එම ගැසට් පත්‍රයට අනුව රංවලගේ ඉල්ලා අස්වීම 2024 දෙසැම්බර් 13 වැනිදා සිට බලපැවැත්වෙනවා. 

නව කතානායකවරයා පත් කිරීම අද (17) පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවේදී සිදු කෙරෙන බව රජය තහවුරු කර තිබෙනවා.

මේ අතර පුරප්පාඩු වන කතානායක ධුරය සඳහා අපේක්ෂකයෙකු යෝජනා කිරීමට විපක්ෂය සූදානමින් සිටින බව නිවේදනය කරනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේ මෙම යෝජනාවට විපක්ෂයේ සියලුම පක්ෂවල එකඟතාව හිමිවන බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *