Sat. Jun 28th, 2025

රටේ භාණ්ඩ හිඟයක් ඇති කරන්න සමහරු මැදිහත් වුණා: වසන්ත

Dec15,2024 #news #sl economy #slpolitics

රට තුළ භාණ්ඩ හිඟයක් ඇති කිරීමට විවිධ ආයතන සහ පුද්ගලයන් මැදිහත් වූ බව වෙළෙඳ වාණිජ හා සමුපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ පවසනවා

ඔහු වැඩිදුරටත් මෙසේද කියා සිටියා.

“උත්සව සමයේ භාණ්ඩ මිල ඉහළ යාම සාමාන්‍යයෙන් වෙළඳපොළ තුළ තියෙන තත්ත්වයක්. ඒ නිසා එය අඩු කිරීමට ක්‍රියාමාර්ග ගැනීමට ඉදිරියේදී කටයුතු කරනවා. රට තුළ භාණ්ඩ හිඟයක් ඇති කිරීමට විවිධ ආයතන සහ පුද්ගලයන් මැදිහත් වුණා. අපි සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගන්න උත්සාහ කරනවා. ජනතාව අපහසුතාවයක් ඇති නොවන්නට වෙළෙඳපොළ තුළ භාණ්ඩ හිඟයක් ඇති නොවීමට අපි කටයුතු කරනවා.

අවශ්‍ය පියවර ගැනීමට රජයේ ආයතන හරහා මැදිහත් වීමට අපි රජයක් ලෙස කටයුතු කරනවා. විශේෂයෙන් සතොස හරහා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල 25%අඩු කිරීමට කටයුතු කරනවා. උත්සව සමයේදී අවශ්‍ය පියවර ගැනීමට ආණ්ඩුව ක්‍රියාත්මක වෙනවා”

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *