Tue. Jun 24th, 2025

සිංහ කෙල්ලෝ ගෞරවාන්විතව තරඟාවලිය නිමවති

සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති තරඟ තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලිය ගෞරවාන්විතව අවසන් කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා.

ඒ අවසන් තරඟයේදී අයර්ලන්ත කණ්ඩායම එරෙහිව කඬුලු 08ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගනිමින්.

පළමු ඉනිම ක්‍රීඩා කල අයර්ලන්ත කණ්ඩායම පන්දුවාර 46.3ක් තුළදී සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 122ක් පමණයි. එහිදී නායිකා චමරි අතපත්තු ලකුණු 15කට කඬුලු 03ක් ද අචිනි කුල

පළමු ඉනිම ක්‍රීඩා කල අයර්ලන්ත කණ්ඩායම පන්දුවාර 46.3ක් තුළදී සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 122ක් පමණයි. එහිදී නායිකා චමරි අතපත්තු ලකුණු 15කට කඬුලු 03ක් ද අචිනි කුලසූරිය ලකුණු 35කට කඬුලු 03ක් ද දවා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 23.1ක් තුළ ජයග්‍රාහී ඉලක්කය පසු කළා. එහිදී චමරි අතපත්තු ලකුණු 48(49)ක් ද හර්ෂිතා සමරවික්‍රම නොදැවී 48(56)ක් ද ලබා ගැනීමට සමත් වුණා.

කෙසේ වුවත් තරඟාවලියේ පළමු තරඟ දෙකම තියුණු ලෙස ජයග්‍රහණය කරමින් තරඟාවලියේ ජය අතැතිව අවසන් තරඟයට පැමිණි අයර්ලන්ත කණ්ඩායම විශිෂ්ට අයුරින් පරාජය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩාමට හැකි වුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *