සුරේන්ද්ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද (29) උදෑසන ශ්රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ, බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්රීවරයෙකු වන අමල් සිල්වා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ඝාතනය සිදුකිරීමට පැමිණි පිරිසට නවාතැන් පහසුකම් හා ආධාර අනුබලදීමේ චෝදනාව මතයි.