මෙම සතියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක් සිදු නොකරන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.
පාර්ලිමේන්තුව මෙම සතිය අවසානයේ විසුරුවා හරිනු ඇතිබවට විවිධ වාර්තා පළවෙමින් තිබේ.
එම බොහෝ වාර්තා වල දැක්වෙනුයේ 19 වැනිදා මධ්‍යම රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සූදානමක් ඇති බවයි.
එහෙත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ මෙතෙක් සාකච්ඡාවක් සිදුව නොමැති බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග තහවුරු කරයි.
පසුගිය පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ද පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් සාකච්ඡා නොවීය.
පාර්ලිමේන්තුව ඉදිරි සතියේ රැස්වීමට අදාළ න්‍යාය පත්‍රය මේ වනවිට සකස් කර තිබේ.
ඒ අනුව ලබන 22 හදිසි පනත් දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ආණ්ඩු පක්ෂයේ ජේෂ්ඨ ප්‍රකාශකයෙකු වැඩිදුරටත් පැවසීය.
මේ අතර බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙකු කියා සිටියේ ඇතැම් සංවිධානාත්මක පිරිසක් සමාජ මාධ්‍ය හරහා මේ ගැන අනවශ්‍ය ප්‍රචාරයක් ලබා දෙමින් සිටින බවයි.
එම ව්‍යාජ පුවත නිසා පොහොට්ටුවේ පාක්ශිකයින් කලබලයට පත්ව ඇති අතර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා කිසිසේත් කටයුතු නොකරන බව තමන්ට විශ්වාස බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියා.