Sat. Jun 28th, 2025

බිලියන 15ක මත්ද්‍රව්‍ය තොගයක්

Sep9,2024 #drugs #navy #sl navy

නාවික හමුදාව විසින් සිදු කරන ලද වැටලීම්වලින් මුහුදු මාර්ගට ඔස්සේ රැගෙන ආ රුපියල් මිලියන 15,000කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය පසුගිය මාස කිහිපය පුරා සිය භාරයට ගෙන ඇති බව නාවික හමුදාව පවසනවා.

ජනවාරි පළමු වනදා සිට මේ දක්වා සිදුකළ වැටලීම්වලින් රුපියල් මිලියන 15,491ක වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය නාවික හමුදාව සිය භාරයට ගෙන තිබෙනවා.

රුපියල් මිලියන 9,631ක වටිනාකමින් යුතු හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 385කට ආසන්න තොගයක්, රුපියල් මිලියන 4,860ක වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 511කට ආසන්න තොගයක්, කේරළ ගංජා, හෂීස්, මත්පෙති ඇතුළු මත්ද්‍රව්‍ය ද එම කාලය තුළ නාවික හමුදා භාරයට ගෙන ඇති බව සඳහන්.

අදාළ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරිම් සම්බන්ධයෙන් පුද්ගලයින් 162 දෙනෙකු සහ  මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා භාවිත කළ බෝට්ටු 11ක් ද සිය භාරයට ගත් බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *