පුත්තලම, සෙරක්කුලිය ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී ලඳු කැලෑවක තිබී මත්පෙති 35,470ක තොගයක් හමු වී තිබෙනවා.
ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපන්නි ආයතනය සහ ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය විසින් සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස මෙම මත්පෙති තොගය සොයාගෙන තිබෙනවා.
නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ බවට සැක කෙරෙන මත්පෙති තොගය සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු සිදු කරන තෙක් නාවික හමුදාව භාරයේ තබා ගනු ඇති.
2024 වර්ෂය තුළ නාවික හමුදාව විසින් සොයාගත් විවිධ වර්ගයේ මත්පෙති 136,798ක් නීතිමය කටයුතු සඳහා අදාළ අංශ වෙත භාර දී ඇති බව වාර්තා වෙනවා.