Sat. Jun 28th, 2025

අහස උසට යන එළවළු මිල

Jun10,2024

එළවළු මිල යළි ඉහළ යමින් පවතින බව කැප්පෙටිපොළ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳුන් පවසනවා.

වැලිමඩ සහ ඌව පරණගම ඇතුළු එළවළු වගාවන් සිදු කරන ප්‍රදේශවලට පසුගිය දින කිහිපය පුරා පැවැති වැසි සහ සුළං සහිත අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ එළවළු වගාව විනාශ වීම හේතුවෙන් මෙලෙස එළවළු මිල ඉහළ යමින් පවතින බව යි ඔවුන් සඳහන් කළේ

කැප්පෙටිපොළ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ මේ වන විට බෝංචි කිලෝවක තොග මිල රුපියල් 400ත් – 450ත් ද, ගෝවා කිලෝවක් රුපියල් 500ත් – 800ත් ද, ලීක්ස් කිලෝවක් රුපියල් 400ත් – 450ත් ද, බීට් කිලෝවක් රුපියල් 280ත් – 320ත් ද, අමුමිරිස් කිලෝවක් රුපියල් 250ත් – 300ත් ද, කැරට් කිලෝවක් රුපියල් 280ත් – 300ත් ද, නෝකෝල් කිලෝවක් රුපියල් 300ත් – 320ත් ද, තක්කාලි කිලෝවක් රුපියල් 300ත් – 320ත් ද, මාළු මිරිස් කිලෝවක් රුපියල් 350ත් – 400ත් ද අතර මිල ගණන් පවතිනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *