සමගි ජනබලවේගය ලබාගෙන තිබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 5 වෙනුවෙන් එම පක්ෂය තුළ නොනවතින ගැටුම් හටගෙන ඇති බව වාර්තා වෙනවා. අනෙක් සියලු පක්ෂ පාහේ සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා පුද්ගලයන් නම් කළද සජබ සිය 5 දෙනා තවමත් නම් කර නැහැ.
රංජිත් මද්දුමබණ්ඩාර, ඉම්තියාස් බාකීර් මාකර්, ඩලස් අලහප්පෙරුම, ජී.එල්. පීරිස්, සුජීව සේනසිංහ යන අය පත් කිරීමට නියමිතව ඇති අතර ඉරාන් වික්‍රමරත්න සහ මනෝ ගනේෂන් ද ඊට ඇතුළත් විය යුතු බව පිරිසක් මතයක් ඉදිරිපත් කර තිබෙනවා.
සුජීව සේනසිංහගේ නම ඊට ඉදිරිපත් කිරීමට මේ පිරිස එරෙහිව ඇති බවයි පැවසෙන්නේ. කෙසේ වෙතත් අනිද්දා එනම් 21 වැනිදා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා.