Sat. Jun 28th, 2025

සහල් අර්බුදය උග්‍ර වන ලකුණු: ආනයනික සහල් දින 10කටයි!

Dec22,2024 #news #sl economy

වෙළෙඳපොලේ සහල් හිඟය උග්‍ර වනු ඇති බවට වාර්තා පළ වෙනවා. ඉන්දියාවෙන් ආනයනය කරන ලද සහල් මෙට්‍රික් ටොන් 70000ක ප්‍රමාණය ප්‍රමාණවත් වනු ඇත්තේ දින 10කට පමණක් බවයි ආනයනකරුවන් සඳහන් කරන්නේ.

ඒ අතර සහල් ආනයනය සඳහා රජය ලබා දී තිබූ කාලය ලබන වසරේ ජනවාරි 10 දක්වා දීර්ඝ කර තිබෙනවා. තවත් සහල් මෙට්‍රික් ටොන් එක් ලක්ෂ දසදහසක් ආනයනය කිරීමට සැලැසුම් කර ඇතැයි වාර්තා වෙනවා.

කෙසේ වෙතත් ප්‍රාදේශීය නගරවල කැකුළු සහල් හිඟයක් ඇති බව සඳහන්. දේශීය සහල් තොග නොලැබීම නිසා මරඳගහමුල සහල් වෙළෙඳපොල වසා දැමූ බවද වාර්තා වුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *