ඓතිහාසික සීගිරි පර්වත බලකොටුව සඳ එළිය වැටෙන රාත්‍රිවල දී සංචාරකයින් සඳහා විවෘත කිරීමට සංචාරක අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
පුර පසළොස්වක පොහොය ඉලක්ක කරගනිමින් මසකට දින පහක් පුරාවට ‘Sigiriya in Moon’ නමින් වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනවා.
ඒ අනුව සංචාරකයින්ට සීගිරියේ රාත්‍රී චාරිකා සඳහා අවසර ලැබෙනවා. පුර පසළොස්වක පොහොයට දින දෙකකට පෙර, පුර පසළොස්වක පොහොය දින සහ දින දෙකකට පසුව මේ සඳහා අවසර ලැබෙන බවයි වාර්තා වන්නේ.
සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම ඉහළ නැංවීමේ අරමුණින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි සංචාරක අමාත්‍යාංශය පවසන්නේ.