Sat. Jun 28th, 2025

එස්.අයි. මහත්තයා සුපිරි වෙළෙඳසලේ හොරකමක!

Feb24,2025 #news #police

පේරාදෙණියේ කිරිබත්කුඹුර පෙදෙසේ සුපිරි වෙළඳසලකින් රුපියල් 650ක භාණ්ඩ සොරකම් කළ පේරාදෙණිය පොලිසියේ ම උප පොලිස් පරීක්ෂකවරයෙකු ඊයේ (24) දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියා එම වෙළෙඳසැලෙන් භාණ්ඩ මිලට ගන්නා අතරතුර තේ පැකට්ටුවක් සහ ෂැම්පු බෝතලයක් රහසේ සාක්කුවට දමා ගන්නා අයුරු එහි කැමරාවල සටහන් වීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරීන් විසින් පරීක්ෂා කර පොලිසියට භාර දී තිබුණා.

මෙලෙස අත්අඩංගුවට පත් වූ නිලධාරියා විශ්‍රාම ගැනීමට තව ඇත්තේ වසර දෙකක් බවයි පැවසෙන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *