Sat. Jun 28th, 2025

කේලමක් නිසා කටට වෙඩි තියලා

වවුනියාවේ සුන්දරපුරම් ප්‍රදේශයේ දී පුද්ගලයකු විසින් කාන්තාවකගේ කටට වෙඩි තැබීම නිසා එම කාන්තාව බරපතල ලෙස තුවාල ලබා 5 වැනිදා වවුනියාව මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

කාන්තාවට වෙඩි තබන ලද පුද්ගලයා එම කාන්තාවගේ බෑණා කෙනකු වන බව ද, කේලම් කීමේ සිද්ධියක් මත උරණ වී මෙලෙස කාන්තාවගේ කටට වෙඩි තබා ඇති බව ද සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන වවුනියාවේ ඊච්චන්කුලම පොලිසියට තොරතුරු ලැබී තිබුණා.

බෑණා සිය නැන්දම්මාගේ නිවසට ගොස් මෙම වෙඩි තැබීම සිදු කර තිබුණා.

වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 53 ක කාන්තාවක වන අතර ඇයට වෙඩි තබන ලද තුවක්කුව පොලිසිය විසින් සොයා ගත්තා.

කාන්තාවට වෙඩි තැබීමෙන් පසුව වෙඩි තබන ලද බෑණා ප්‍රදේශයෙන් පළා ගිහින්.

ඔහු අත්අඩංගුවට ගැනීමට ඊච්චන්කුලම පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *