දිවයින පුරා රෝහල්වල විකිරණ තාක්ෂණවේදීන්ගේ හිඟයක් පවතින බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම පවසන්නේ රෝගීන්ගේ ප්‍රතිකාර සහ පරීක්ෂණ කටයුතුවලට මේ හේතුවෙන් සැලකිය යුතු බලපෑමක් එල්ල වී ඇති බවයි.
විකිරණ තාක්ෂණවේදීන් 1150ක් සිටිය යුතු වුවද දැනට සේවයේ සිටින්නේ 620ක් බව සඳහන් කළ සභාපතිවරයා විකිරණ තාක්ෂණවේදීන් සේවයට බඳවාගැනීම් සීමා කිරීම සහ දැනට සිටින පිරිස් විදේශගතවීම නිසා මෙම තත්වය මතුව ඇතැයි පවසනවා.
2024 වසරේදී තම ශිල්පීන් 100කට ආසන්න සංඛ්‍යාවක් විදේශගත වී ඇති බවයි පැවසෙන්නේ.