Wed. Apr 30th, 2025

බීමතින් රිය පදවන්නන්ට හොඳ මට්ටුවක්!

Dec27,2024 #news #police

මින් ඉදිරියට බීමතින් රිය පැදවීමේ වරදට අත්අඩංගුවට ගන්නා සියලුම රියදුරන්ගේ රියදුරු බලපත්‍රය මාස 12ක කාලයකට අත්හිටුවීමට හෝ රියදුරු බලපත්‍රය අහෝසි කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටීමට පොලිසිය කටයුතු කරන බව පොලිසිය දැනුම් දෙනවා.

ඒ නිසා බීමතින් රිය ධාවනය නොකරන ලෙසයි පොලිසිය සියලුම රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

ඊයේ (26) උදෑසන 6න් අවසන් වූ පැය 24 තුළ බීමත් රියදුරන් 395 දෙනෙකු සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කළ බවයි පොලිසිය පැවසුවේ. විශේෂ රථවාහන මෙහෙයුමක් පොලිසිය විසින් ක්‍රියාත්මක කරනු ලැබූ අතරඅපරීක්ෂාකාරී සහ අන්තරාදායක ලෙස රිය පැදවූ රියදුරන් 50ක්, අධික වේගයෙන් රිය පැදවූ රියදුරන් 120ක් මාර්ග නීති උල්ලංඝනය කළ රියදුරන් 1262ක් බලපත්‍ර වැරදි සම්බන්ධ 682ක් වෙනත් රථවාහන වැරදි 5441 වශයෙන් සමස්ත රථවාහන වැරදි සම්බන්ධ රියදුරන් 7950ක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට මෙම මෙහෙයුම හරහා කටයුතු කර තිබුණා.

කෙසේ වෙතත් පොලිස් ආරංචිමාර්ග පවසන්නේ මෙම විශේෂ මෙහෙයුම තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *