Fri. Jun 27th, 2025

සාජට පොල්ලෙන් ගහලා ගස් නැග්ග අයෙක් අත්අඩංගුව

Jun26,2024

පූජාපිටිය පොලිස් සැරයන්වරයෙකුට මුගුරකින් පහරදී බරපතළ තුවාල සිදුකර ගසක් මතට නැඟ විරෝධතාවයක් සිදුකරමින් සිටි පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ පුද්ගලයා හිටපු යුද හමුදා සෙබළෙක් වන අතර සිය සහෝදරයා සමග පැවති ආරවුලක් හේතුවෙන් පූජාපිටිය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.

ඒ අනුව අදාළ පැමිණිල්ල විභාග කිරීමට ඊයේ (25) පස්වරුවේ පොලිස් සැරයන්වරයෙකු පැමිණි අවස්ථාවේ දී සැකකරු මුගුරකින් සැරයන්වරයාට පහරදී ඇත.

බරපතළ තුවාල ලැබු සැරයන්වරයා මේ වනවිට මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ශල්‍යකර්මයකට භාජනය කර තිබේ.

පසුව සැරයන්ට පහරදීම හේතුවෙන් තමාව අත්අඩංගුවට ගනී යැයි බියට පත්ව සැකකරු නිවස අසල කොස් ගසක මුදුනටම නැඟ ගසෙන් පැන සියදිවි නසාගන්නා බව පවසමින් පොලීසිය හා ප්‍රදේශවාසීන් ට තර්ජනය කර ඇත.

අධික වර්ෂාව පැවතියත් එම සැකකරු බිමට බැස නොමැති අතර, විහාරාධිපති හිමියන්ගේ ඉල්ලීම අනුව ඔහු අද බිමට බැස තිබේ.

ඒ අනුව පොලීසිය එම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සිදුකරයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *