දැවැන්ත පාඩුවක් ලබමින් තිබෙන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් 51%ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජාජබ රජය තීරණය කර තිබෙනවා.
පසුගිය වසර 10දී පමණක් ශ්‍රී ලංකන් ගුවන් සමාගම රුපියල් මිලියන 4582247ක සුවිශාල අලාභයක් දරනු ලැබුවා.
මෙලෙස ලබන පාඩුව නිසා මෙරට සෑම පවුලක්ම ඒ වෙනුවෙන් රුපියල් එක්ලක්ෂ හත්දහසක් පමණ මුදලක් දැරීමට සිදුව තිබුණා.
ජාතික ජනබලවේගයේ ආර්ථික කවුන්සිලයේ සභාපති මහාචාර්ය අනිල් ජයන්ත පවසන්නේ මෙරට සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය සඳහා ගුවන් සේවය රජය යටතේ පැවතිය යුතු බව තම රජයේ විශ්වාසය බවයි. එය විකුණා නොදමා කළමනාකාරිත්වය වැඩි දියුණු කිරීමේ ආකාර සොයා බලන බවයි පැවසෙන්නේ.