සීතාවක අවිස්සාවේල්ල සංචාරක කලාපය ජාත්‍යන්තර ප්‍රමිතිගත තිරසර සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීම අද නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සීතාවක තෙත් බිම් උද්‍යානයේ දී උත්සවය පැවැත්වෙනවා.
ඉන්දියාව , නේපාලය , චීනය , ජපානය , ඕස්ට්‍රේලියාව ,නවසීලන්තය හා දකුණු කොරියාව ඇතුළු රටවල පරිසරවේදීන් සියයකට ආසන්න පිරිසක් ද ඊට එක්වනවා.
මේ හරහා සීතාවක සංචාරක කලාපය පිළිබඳ ජාත්‍යන්තර වශයෙන් ප්‍රචාරයක් ලබාදීමට ද අපේක්ෂා කෙරෙනවා.
බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය, දුම්රිය දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව සීතාවක ඔඩිසි විශේෂ දුම්රිය ගමන්වාරයක් ද ආරම්භ කෙරුණා.
ඒ එම මණ්ඩලයේ සභාපති සුගත් හේවාපතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන්.