ලබන 21 වන දා පැවැත්වෙන ජනාධිපතිවරණය හේතුවෙන් දින දෙකක් රටපුරා සියළුම සුරාසැල් වසා තැබෙනවා.
ඒ බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව ලබන 21 වන දා සහ 22 වන දා සියලුම සුරාසැල් වසා තැබෙනවා.
එහෙත් සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් තරු තුනට ඉහළ සුරාබදු ර.බි. 7 බලපත්‍රය සහිත හෝටල් හා විශේෂ බුටික් විලා බලපත්‍ර ලත් ස්ථානවල නේවාසිකව රැඳී සිටින සංචාරකයින් සඳහා පමණක් මත්පැන් නිකුත් කිරීමට අවසර ලබා දී තිබෙනවා.
ඊට අදාළව සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්.
