අරලියගහ මන්දිරයට යාබද කොල්ලුපිටිය මුස්ලිම් පල්ලියේ සිට රොටුන්ඩා වටරවුම දක්වා දිවෙන මාර්ගය දෙපස තිබූ ආරක්ෂක කුටි ඉවත් කිරීම ඊයේ (11) දින කොළඹ මහ නගර සභාව විසින් සිදු කර තිබෙනවා.
2005 සිට වසර 19ක කාලයක් වසා දමා තිබූ කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් ද පසුගියදා (04) සවස් කාලයේදී මහජනතාව සඳහා විවෘත කර තිබුණා.
මෙසේ විවෘත කර තිබුණේ ආර්. ඒ. ද මෙල් මාවතේ සිට අරලිය ගහ මන්දිරය හරහා මයිකල් වට රවුමේ සිට රොටුන්ඩාව වට රවුම දක්වා දිවෙන මාර්ගයයි.
දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රවේශ වීමට නොහැකිව තිබූ මෙම මාර්ගය වත්මන් ආරක්ෂක තත්ත්වය සමාලෝචනය කිරීමෙන් අනතුරුව යළි විවෘත කරන ලෙස නව රජය උපදෙස් ලබා දී තිබුණා.