Sun. Jun 29th, 2025

පාසල් ළමුන්ට මත්කරල් ජාවාරම්කර කාන්තාවක් අත්අඩංගුවට

Jul22,2024

පාසල් ළමුන් ඉලක්ක කරගනිමින මත්කරල් ජාවාරමේ යෙදී සිටි කාන්තාවක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බළකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (21) දින කඩවත පොලිස් වසමේ ගෝනහේන,වෑබඩ ලිපිනයේ දී අදාළ වැටලීම සිදුකර තිබෙනවා.

එහි දී පාසල් ළමුන් ඉලක්ක කර අලෙවි කිරීම සඳහා‍ මත්කරල් 230ක් සන්තකයේ තබාගෙන සිටි වෑබඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44ක කාන්තාවක් ජංගම දුරකථනයක්ද සමග අත්අඩංගුවට ගැනීමට විශේෂ බළකා නිලධාරින් සමත්වුනා.

වැඩිදුර විමර්ශන සඳහා සැකකාරියව කඩවත පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *