පොසොන් බත් දන්සලක කරවල හොදි කල්දේරමට වැටී බරපතළ පිළිස්සුම් ලබා දින 10ක් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සිටි 09 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක මියගොස් ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි.
ඊයේ අදාළ සිසුවිය මිය ගිය බව පානදුර දකුණ පොලීසිය ප්‍රකාශ කළා.
එසේ මියගොස් ඇත්තේ පානදුර, බෙක්කේගම ප්‍රදේශයේ පදිංචිව සිටී ශයනි මෙතුම්සා නමැති දැරියක්.
පොසොන් පොහොය නිමිත්තෙන් පසුගිය 23 දා පානදුර ප්‍රදේශයේ බත් දන්සලක් පවත්වා තිබුණි.
ඊට පිසින ලද වෑංජන කල්දේරමකටයි දැරිය වැටී තිබෙන්නේ.
ඉන් බරපතළ තුවාල ලබා සිටි දැරිය පානදුර මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු, ඇයගේ තත්ත්වය බරපතළ බැවින් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට මාරු කර යවා තිබුණා.
දැරිය කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇති බවයි රෝහලින් දැනුම් දී තිබුණේ.
පානදුර දකුණ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.