ප්‍රශ්නගත වූ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිටවූ බව කියන ප්‍රශ්න 3ට අදාළව සියලුම අපේක්ෂකයන් හට නිදහස් ලකුණු ප්‍රදානය කිරීමට තීරණය කර තිබෙනවා.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව නිර්දේශ තුනක් ලබා දී තිබුණා.
1 පිළිතුරු පත්‍ර සඳහා ලකුණු ලබා දීමේදී මතභේදාත්මක ප්‍රශ්න තුන ඉවත් කර ඇගයීම් සිදු කිරීම.
2 අදාළ ප්‍රශ්න තුන සඳහා සියලුම විභාග අපේක්ෂකයින් හට නිදහස් ලකුණු ප්‍රදානය කිරීම.
3 I ප්‍රශ්න පත්‍රය සඳහා විභාගය නැවත පැවැත්වීම
මේ අනුව දෙවැනි නිර්දේශය විභාග දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කර තිබෙනවා.