ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තුවට පැමිණෙන සියලුම දෙනා තුන් වේලම පාර්ලිමේන්තු ආපනශාලාවෙන් ආහාර ලබා ගන්නා බව සර්වජන බලය පක්ෂයේ නායක දිලිත් ජයවීර සඳහන් කරනවා.
සමහරුන් කෑම ගෙදර ද ඔතාගෙන යන පැවසුවත් ඒ් ගැන නිශ්චිත තොරතුරු නැති බව කී මන්ත්රීවරයා මේ නිසා පාර්ලිමේන්තු මුළුතැන්ගෙයි සේවක පිරිස්ද දැඩී පීඩනයක සිටින බව පැවසුවා.
තමන් මෙතෙක් පාර්ලිමේන්තුවෙන් ආහාර ලබා ගෙන නැති බවත් ඉදිරියේද ගැනීමට බලාපොරාත්තු නොවන බවත් පවසන මන්ත්රීවරයා පාර්ලිමේන්තුවෙන් ආහාර ගැනීමට තමන් විරුද්ධ නොවනමුත් පාර්ලිමේන්තුවෙන් ආහාර ගැනීමට දැඩි සේ විරුද්ධ වූ ජාතික ජනබලවේගය දැන් මෙලෙස කෑමට ගිජුව සිටීම ගැටලුවක් බව කියා සිටිනවා.