උපයන විට ගෙවන බද්ද සංශෝධනය කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡාවලදී එකඟතාවට පැමිණි බව ජනපතිවරයා අද (18) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.
බද්ද පනවන සීමාව ලක්ෂයේ සිට ලක්ෂ එකහමාර දක්වාත්, 6% ක ආදායම් බද්දකට යටත්ව පැවැති ආදායම් බද්දේ පළමු කාණ්ඩය ලක්ෂ 5 සිට 10 දක්වා ඉහළ දමා තිබෙනවා. ඒ අනුව ලක්ෂ එකහමාරක වැටුපක් ගන්නා අයෙක් බදුවලින් 100%ක් නිදහස් වෙනවා. ලක්ෂ දෙකක වැටුපට 72% බදු නිදහසක් ද, ලක්ෂ දෙකහමාරේ වැටුපට 62% බදු නිදහසක්ද, ලක්ෂ 3 වැටුපට 47% බදු නිදහසක්ද ලක්ෂ තුනහමාරක වැටුපට 25.5% බදු නිදහසක්ද ඒ අනුව ලබා දී තිබෙන බව ජනපතිවරයා කියා සිටියා.