Fri. Jun 27th, 2025

සජිත්ට මාධ්‍ය ප්‍රකාශක කෙනෙක්

Feb28,2025 #sajith premadasa

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කර තිබෙනවා.

ඊයේ (27) පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී ඔහුට නිල පත්වීමේ ලිපිය භාර දී ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රසාද් සිරිවර්ධන පසුගිය මහ මැතිවරණයට සමගි ජන බලවේගය නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟ කළ අතර, පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත් වුණා.

ඔහු සමගිජන බලවේගයේ මිරිගම ආසනයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කරන අතර එම පක්ෂයේ විධායක කමිටුවේ සාමාජිකයෙක් ද වෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *