පසුගිය ජනාධිපතිවරණයේදී තම මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් කැප වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන්ට සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස සිය කෘතඥතාව පළකර තිබෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් සංවිධායකවරුන්, ආසන සංවිධායකවරුන් සහ දේශපාලන ක්‍රියාකාරීන්ගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මෙහෙයුම් කාර්යාලයේ ඊයේ පැවති රැස්වීමකදී සජිත් ප්‍රේමදාස සිය කෘතඥතාව පළකර තිබුණා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් සහ ආසන සංවිධායකවරුන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා ද මෙම රැස්වීමේදී සජිත් ප්‍රේමදාස වෙත ඉදිරිපත් කර ඇති අතර එම යෝජනාවලට ධනාත්මකව ප්‍රතිචාර දක්වමින් ඉදිරි මහ මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා අත්වැල් බැඳගැනීමේ වැදගත්කම සජිත් ප්‍රේමදාස මෙහිදී අවධාරණය කළා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර සහ උප සභාපති තිලංග සුමතිපාල ද මෙම හමුවට සහභාගි වුණා.