Sat. Jun 28th, 2025

රනිල්ගේ යෝජනාවට සජිත් පස්ස හරවයි

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබෙනවා.

සමගි ජන සන්ධානය තුළ ඔහුගේ නායකත්වය තහවුරු කරමින් පක්ෂ රැස්වීමේදී මෙම තීරණය ඒකමතිකව අනුමත වුණා.

තමන් සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර කිසිදු සහයෝගීතාවක් නොමැති බව ද ප්‍රේමදාස මෙහිදී සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

රනිල් වික්‍රමසිංහ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට අපේක්ෂකයෙකු ලෙස සහභාගි නොවන බවත් ජාතික ලැයිස්තුවෙන් හෝ පාර්ලිමේන්තුවට නොපැමිණෙන බවත් ප්‍රකාශ කරමින් සමඟි ජන සන්ධානයට එක්සත් ජාතික පක්ෂය සමඟ එක් වන්නට ආරාධනා කළා.

සමඟි ජන සන්ධානය එක් කර ගැනීමේ වගකීම එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධනට භාර දුන් අතර ඔහු සාකච්චා කරන්නටත් පෙර සජිත් ප්‍රේමදාස එම යෝජනාව ප්‍රතික්ෂේප කර තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *