Wed. Apr 30th, 2025

ජනපති අනුරට සජිත්ගේ සහය

එළැඹෙන 2028 වසරේ සිට විදෙස් ණය ගෙවීමට අදාළ අපනයන කේන්ද්‍රීය ආර්ථික වැඩපිළිවෙල සමගි ජන බලවේගය සතු බවත් එම වැඩපිළිවෙල සමඟ ජනාධිපතිවරයා සමඟ කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ගම්පහ, කිරිඳිවැල පිහිටි හර්ෂණ රාජකරුණා මහතාගේ නිවසේ පැවැති ජන හමුවකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මේ බව සඳහන් කළා.

ආර්ථිකය විශාල වන විට රටට ධනය හා විදේශ විනිමය ලැබෙන බැවින් ඒ ඔස්සේ ණය ගෙවීමේ ක්‍රියාවලිය ආරම්භ කළ හැකි බව හිටපු විපක්ෂ නායකවරයා පැවසුවා.

ආදායම් මාර්ග ශක්තිමත් කරමින් නව ව්‍යාපාර ආරම්භ කළ හැකි බව එම පරිසරය නිර්මාණය කරන ප්‍රතිපත්ති මාලාවක් තිබෙන්නේ සමගි ජන බලවේගයට බවත් අපනයන කේන්ද්‍ර ආර්ථිකයක් ඇති කිරීම සඳහා දක්ෂ හා නිපුණතාව ඇති කණ්ඩායම සිටින්නේ කාටදැයි ජනතාව සිතිය යුතු බවත් ඔහු අවධාරණය කළා.

මේ අනුව ලබන 2028 සිට නැවත ණය ගෙවීම ආරම්භ කර බංකොලොත්භාවයෙන් ඉවත් වූ රටක් නිර්මාණය කළ හැකි බව පැවසු ඔහු ජනතාව මුහුණ දෙන දුගී දුප්පත්කම, විරැකියාව, දුෂ්කර ජන ජීවිතය ආදී ගැටලුවලට විසඳුම් අවශ්‍ය බව සඳහන් කළා.

මේ වෙනුවෙන් සමගි ජන බලවේගය වර්තමාන ජනාධිපතිවරයා සමග එකතු වී රට හදන ගමනට එකතු වන බව ද හිටපු විපක්ෂ නායකවරයා අවධාරණය කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *