නව ජනාධිපති අනුර කුමාර දිසානායකට සමඟි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ සුබ පැතුම් එක් කර තිබෙනවා.
ඊයේ මැතිවරණ කාර්යාලයේ පැවැති රැස්වීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස වැඩි දුරටත් ප්‍රකාශ කළේ රට ස්ථාවර කර, පවතින් අර්බුදයෙන් ගොඩ ගැනීමට නව ජනාධිපතිවරයාට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන බවත් අවශ්‍ය විට සමඟි ජන බලවේගය වශයෙන් ජනාධිපතිවරයාට සහය දක්වන බවත්ය.
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් නාමල් රාජපක්ෂ ප්‍රකාශ කරේ රජය ගෙන යන යහපත් කටයුතු සඳහා පක්ෂයක් වශයෙන් තමන්ගේ පූර්ණ සහයෝගය හිමි වන බවයි.