Wed. Jun 25th, 2025

සජබෙ සහයත් ආණ්ඩුවට

පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාවේ සුල මුල හෙළිදරව් කරගැනීම සඳහා වත්මන් ආණ්ඩුවට සම්පූර්ණ සහය දීමට සමඟි ජන සන්ධානය සූදානම් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ ඊයේ (07) සමඟි ජන සන්ධානයේ ප්‍රධාන කාර්යාලයේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීෙ.

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධූරයට පත්වූයේ නම් පාස්කු ප්‍රහාරය පිළිබඳ සෙවීමට විශේෂ වැඩපිළිවෙලක් සකස් කර තිබුණ ද එම විමර්ශනවලට අවශ්‍ය සහය අනුර දිසානායක මහතාගේ ආණ්ඩුවට ලබා දීමට සූදානම් බවයි හිටපු මන්ත්‍රීවරයා කියාසිටියේ.

ඔහු වැඩි දුරටත් මෙසේ ප්‍රකාශ කළා.

”අපේ රටේ සිදුවුණ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අගතියට පත් පාර්ශ්වවලට තවම සාධරණයක් ඉටුවී නෑ. ඒ් වගේම වර්තමාන ජනාධිපති අනුර දිසානායක මහතා කටුවාපිටිය පල්ලියට ගොස් පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයන් බවට පත්වුණ පිරිස සමඟ සාකච්ඡා කළා. පාස්කු ප්‍රහාරය සහ පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයන් බවට පත්වුණ පිරිස පිළිබඳව විශේෂ අවධානයක් ජනාධිපතිවරයා යොමු කිරීම පිළිබඳව අපි සතුටු වෙනවා. සජිත් ප්‍රේමාදාස මහතාට සහ සමගි ජන සන්ධානයේ කණ්ඩායමට අවශ්‍යව තිබෙන්නේ පාස්කු ප්‍රහාරයේ සුළු මුළ සහ එම ප්‍රහාරයේ මහ මොළකරු කවුරුන්ද මෙම ප්‍රහාරය පිටුපස තිබෙන දේශපාලන කුමන්ත්‍රණය පිළිබඳව දැන ගන්න. ඒ් වගේම රටේ ජනාධිපතිවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පත්වුණා නම් පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයන්න විශේෂ වැඩපිළිවෙළක් අපි සකස් කරලා තිබුණා. එම වැඩසටහන පිළිබඳව අපි කාදිනල් හිමියන්ටත් දැනුම් දිලා තිබෙනවා. ජාත්‍යන්තර සහාය ලබාගෙන පාස්කු ප්‍රහාරය පිළීබඳ පරීක්ෂණ ශක්තිමත් කරන්න තමයි අපි බලාපොරොත්තුවෙන් සිටියේ. කෙසේ නමුත් පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කිරීමට අවශ්‍ය සම්පුර්ණ සහාය අනුර දිසානායක ජනාධිපතිවරයාට ලබාදිමට සජිත් ප්‍රේමදාස මහතා සහ සමගි ජන සන්ධාන කණ්ඩායම සුදානම්. මේ සම්බන්ධයෙන් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරලා හැකි ඉක්මණින් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයන් බවට පත්වුණ පිරිසට සාධාරණයක් ඉටු කරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිනවා.ඒ් සඳහා අවශ්‍ය වන සම්පුර්ණ සහාය ලබාදෙන්න සමගි ජන සන්ධානය සහ සජිත් ප්‍රේමදාස මහතා සුදානම්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *