Fri. Jun 27th, 2025

වාහන චෝදනා ගැන රුවන්ගෙන් පාපොච්චාරණයක්

තමන් උපදේශන කාර්යයේ නිරතව සිටියදී රජයේ වාහනයක් භාවිත කළ බවට එල්ල වන චෝදනා හිටපු ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඔහු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් කටයුතු කළේ දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා ලෙසයි.

“එම ප්‍රකාශය අසත්‍යයි. මම කවදාවත් රජයේ වාහනයක් පාවිච්චි කළේ නැහැ. මට වැටුපක් ලැබුණේ නැහැ. මම පාවිච්චි කළේ කාර්යාලය විතරයි. ඊට වඩා දෙයක් නැහැ.” යනුවෙන් ඔහු ප්‍රකාශ කළා.

රාජකාරී කටයුතු සඳහා ද තමන් භාවිත කළේ පෞද්ගලික වාහන බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *