Sat. Jun 28th, 2025

රනිල් – අනුර ඩීල් ගැන රුවන්ගෙන් හෙළිදරව්වක්

ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ සහ ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක අතර දේශපාලන ගනුදෙනුවක් පවතින බවට සාවද්‍ය චෝදනාවක් එල්ල කරමින් සමගි ජන බලවේගය පහත් දේශපාලනයක නිරතවෙමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන පවසනවා.

සමගි ජන බලවේගය සිය දේශපාලන බංකොලොත්භාවය ප්‍රදර්ශනය කරන බව එහි සාමාජිකයන් කරන චෝදනාව දෙස බලන විට පැහැදිලියි වන බවයි රුවන් විජේවර්ධන මාධ්‍ය හමුවකදී පැවසුවේ.

එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් එජාප නියෝජ්‍ය නායකවරයා මෙසේ ප්‍රකාශ කළා.

“සමහර අපේක්ෂකයන් වෙනසක් සඳහා උද්ඝෝෂණ කරනවා. මේ මොහොතේ රටට වෙනසක් කළ නොහැකියි. රටට අවශ්‍ය වන්නේ ආර්ථික ස්ථාවරත්වය. වෙනසක් මගින් මෙම ස්ථාවරත්වය විනාශ වෙන්න පුළුවන්. ඊනියා වෙනසක් අවම වශයෙන් වසර දෙකක කාලයක් තුළ තවත් මැතිවරණයකට රට ගෙන යන්න ඉඩ තියෙනවා. තවත් කඳවුරක් තමන්ගේ කණ්ඩායම ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කරනවා. ඔවුන්ට මඟ පෙන්වීමට හොඳ නායකයකු නොමැති නම් හොඳ කණ්ඩායමකින් පලක් නැහැ. සමගි ජන බලවේගය සතුව හොඳ කණ්ඩායමක් හිටියත් ඔවුන්ට සහ රටට මඟ පෙන්වීමට හොඳ නායකයකු ඔවුන්ට නැහැ.”

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *