Sat. Jun 28th, 2025

ජනාධිපති මාධ්‍ය ඒකකයේ චණ්ඩි පාට්

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානාත්වයෙන් පසුගියදා කැකිරාව ප්‍රදේශයේ පැවති ප්‍රචාරක රැස්වීමකදී ප්‍රාදේශීය මාධ්‍යවේදීන් කිහිපදෙනෙක් ඉලක්ක කර ගනිමින් ජනාධිපති මාධ්‍ය ඒකකයේ නිලධාරීන් විසින් සිදු කළ තර්ජන හා බිය වැද්දීම්වලට ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විරෝධය පළ කර තිබෙනවා.

මෙම සිද්ධිය හරහා රට තුල මාධ්‍ය නිදහසට එල්ල වී ඇති බරපතල තර්ජනය යළි තහවුරු වන බවයි ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ.

ප්‍රචාරක රැස්වීම තුළ එකම පාර්ශ්වයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු විසින් පටිගත කර තිබෙන බවත් ජනාධිපතිවරයාගේ අනුදැනුම ඇතිව හෝ ඔහුගේ උපදෙස් පරිදි ජනාධිපති මාධ්‍ය ඒකකයේ නිලධාරීන් විසින් කැමරා බලහත්කාරයෙන් පැහැර ගනිමින් අදාල ගැටුමේ දර්ශන මකාදමා තිබෙන බවත් එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙනවා.

එම අවස්ථාවේදී ජනාධිපති මාධ්‍ය ඒකකයේ නිලධාරීන් විසින් මෙම මාධ්‍යවේදීන් වෙත තර්ජනය කර තිබු බව පවසන වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මෙවැනි තත්ත්වයන් දැඩි පිළිකුලෙන් යුතුව ජනමාධ්‍යවේදීන්ගේ සංගමය හෙලා දකින බවත් එය භාෂණය හා ප්‍රකාශන නිදහසට එල්ල කර ඇති තර්ජනයක් බවත් පෙන්වා දෙනවා.

පාතාලය, පැරා මිලිටරි කණ්ඩායම් මෙන්ම ආරක්ෂක සේවාවන් මගින් ද ඇතැම් අවස්ථාවලදී බිය වැදීම් හා තර්ජන ඝාතනයන් ද සිදුවන සමාජයක ජනමාධ්‍යවේදීන් ඇතුළු සමස්ත පුරවැසියන් අනාරක්ෂිත භාවයට ගොදුරු වී තිබීම කණගාටුදායක තත්වයක් බවත් මෙවැනි අනීතික තර්ජන පිළිබඳව අපක්ෂපාතී පරීක්‍ෂණයක් පවත්වන මෙන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් එම නිවේදනයේ තවදුරටත් සඳහන්.

සමස්ත නිවේදනය පහතින්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *