රට පාලනය කරපු පරාක්රමබාහු රජතුමාගේ කශේරුකාව තමන්ට තිබෙන බව ජනාධිපති අපේක්ෂක රොෂාන් රණසිංහ පසුගිය දා ප්රකාශ කළා.
ඒ පොළොන්නරුව ප්රදේශයේ පැවැති ජන හමුවක් අමතමින්.
එහිදී ඔහු වැඩි දුරටත් මෙසේ ප්රකාශ කළා.
“ඔබ කොයි පළාතෙන් පොළොන්නරුවට පදිංචියට ආවත් ඒ ආවේ ඔබේ ඓතිහාසික උරුමයත් එක්ක. පරාක්රමබාහු රජතුමා කියන්නේ මේ රට එක්සේසත් කරලා රට සමෘද්ධිමත් කරලා, සහල් පිටරට යවලා, රටේ ජනතාව සතුටින් තිබ්බ නායකයෙක්. අන්න ඒ ගමන අපි යන්න ඕන. අන්න ඒ කශේරුකාව අපිට තියෙන්න ඕනේ. ඒ සෘජු බව අපිට තියෙන්න ඕනේ. ඒ නිසා තමයි කැබිනට් මණ්ඩලයේ පාර්ලිමේන්තුවේ ජනාධිපති ද මොකාද කියලා මට වැඩක් නෑ, මේක වැරදියි කියන්න මට පුළුවන් වුණේ.
ජනාධිපති කියද්දී ක්රිකට් එකට ගහපු තීන්දුව මට ඉල්ලා අස්කර ගන්න කියලා.මම සෘජුව කිව්වා කරන්නේ නෑ කියලා. ඒක කරන්න මට කශේරුකාවක් තිබුණා. කැබිනට් මණ්ඩලය ඇතුළේ කැබිනට් මණ්ඩලය හැලහොල්මනක් නැතුව ඩිම් වෙනකොට මම කිව්වා මම කරන්නේම නෑ කියලා. ඒක තමයි අපිට පරාක්රමබාහු රජතුමාගෙන් ලැබිච්ච උරුමය.”