Fri. Jun 27th, 2025

රෝහිතගේ කෙළි හෙළි වෙයි: හැංගූ BMW නුවරින් මතු වෙයි!

Oct21,2024 #2024 #news #slpolitics

හිටපු අමාත්‍ය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ බෑණාට අයත් බව කියන කෝටි ගණනක් වටිනා මෝටර් රථයක් සහ ජීප් රථයක් මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුව ගෙන තිබෙනවා.

මෙම රථ සඟවා තිබු ස්ථානයේ කිසිවෙකුටත් ඒවායේ නීත්‍යානුකූල බව සම්බන්ධ ලියකියවිලි ඉදිරිපත් කිරීමට හැකිව නැහැ.

මෙම රථ භාරයේ තබාගෙන සිටි පුද්ගලයා මහනුවර මහයියාව ප්‍රදේශයේ රථවාහන අලෙවි සැලක්ද පවත්වාගෙන ගොස් ඇති අතර රෝහිත අබේගුණවර්ධන වරාය අමාත්‍ය ධුරය දරණ සමයේ වරාය අධිකාරියේ ඉහළ නිලයක්ද දරා ඇතැයි සඳහන්.

මෙම රථ දෙකම වරායෙන් අනීතිකව පිට කළ දෙකක් බවයි පොලිසිය සැක කරන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *