Sat. Jun 28th, 2025

දෙවනි මනාපය ගැන රෝහිණීගෙන් ඉල්ලීමක්

පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී දෙවන මනාපය නොවරදවාම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත ලබාදෙන්නැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිණී රෝහිණී කවිරත්න එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිතවතුන් ගෙන් ඉල්ලා සිටියා.

රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය එවැනි ඉල්ලීමක් කර ඇත්තේ ඊයේ (03) විශේෂ ප්‍රකාශයන් සිදු කරමින්.

“රටේ ම ඉන්න එජාපයේ අය, රනිල් වික්‍රමසිංහ මැතිතුමාට කැම්පේන් කරන අයත්, අනිවාර්යයෙන්ම දෙවැනි මනාපය හරි සජිත් ප්‍රේමදාසට දෙනවා. පොහොට්ටුවේ ඉතිරිවෙලා ඉන්න අපේ ගරු මන්ත්‍රීතුමන්ලා විතරක් නෙවෙයි, ගමේ ඉන්න, පොහොට්ටුවේ ලේබල් වැදුණු හැමෝගෙන්ම අපිට ඉල්ලන්න තියෙන්නේ දෙවන මනාපය නොවරදවාම සජිත්ට දෙන්න කියලා.” යයි ද මන්ත්‍රීවරිය ප්‍රකාශ කර තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *